Colombuzz
Local Digital Buzz

මොනවාද මේ පස්ගෝ රස???

0 1,224

කෘෂිකාර්මික සාමාජය තුල ගව පාලනය ඉතා වැදගත් ස්තානයක් උසුලයි .ගවයන්ගෙන් ලබාගන්නා ඉතා වටිනා නිශ්පාදන  5ක් පස්ගෝරස ලෙස හදුන්වනු ලැබේ.අතිශය ඖෂධීය වටිනාකමක් ඇති පස්ගෝරස පිලිබද අපි අද විමසා බලමු.

  • කිරි
  • දීකිරි
  • මෝරු
  • එඩරු
  • ගිතෙල්

එළකිරි

ආයුර්වේදයට අනුව එළකිරි යනු සිතල පානයකි.පිත හා වාතය සම්බන්ද ව්‍යාධි වලදී බහුලව භාවිතා වන ඖෂධයකි.ශාරීරික වේදනාවන් හා මානසික පීඩනය නැති කිරිමේ හැකියාවක් එළකිරි වලට පවතින බව විශ්වාස කෙරේ.ශරිරයේ ඌශ්නත්වය හා ලේ වල ඌශ්නත්වය පාලනය කිරිමට හා ලේ විසවීම් යන අවස්තාවන් හී ආයුර්වේද වෙදදුරන් එළකිරි භාවිතා කරයි.

දීකිරි

ඈත අතීතයේ පටන් ශ්‍රී ලාංකිය ආහාර සංස්කෘතිය තුල ඉතා වැදගත් ස්තානයක් හිමිකරගෙන තිබු ආහරයකි.යම් ප්‍රදේශවල මුදවපු කිරි ලෙස හැදින්වෙන්නෙ දීකිරි වේ .යම් ප්‍රදේශයන් හි දීකිරි බත් සමගද ආහරයට ගනු ලැබේ.බෝහෝවිට දකින්නට ලැබෙන්නේ ප්‍රධාන ආහර වේලකින් පසුව දීකිරි ආහරයට ගනු ලබන අවස්තාවන්ය.දීකිරි වල ඖෂධීය ගුණ රාශියකි.විශේෂයෙන් කෙට්ටු බව නැතිකිරිමට,මුත්‍රා පිටනොවිමට ,දෙපතුල් පැලිමට,ආහර අරුචිය සදහා ඉතා වැදගත් වන ඖෂධයකි .

ගිතෙල්

ඉතා වැදගත් ඖෂධයකි .ඉන්දියාව තුල අධික පරිභෝජනයක් දැකිය හැකිය.ඔවුන් විසින් දේවත්වයෙන් අදහන ඖෂධයකි .ගිතෙල් යනු යම් තෙල් වර්ගයකි .තෙල් වර්ග අතර ඉතා වටිනා තෙල් වර්ගයක් ලෙස හැදින්වේ.ගිතෙල් අවුරුද්දක් පමණ පරණ වූ විට ඖෂධීය වටිනාකම ඉතා වැඩිවේ.පුදුමයට පත්වන කාරණය නම් ගිතෙල් ඖෂධයක් ලෙස හො ආහර සදහා එකතු කරන්නේ නම් මාරන්තික රෝග ලෙස සැලකෙන පිළිකා, සිරෝසිස්,අර්ශස් යන රෝග සදහා ලැබෙන විශිෂ්ඨ රැකවරණයයි.ඒ පමණක් නොවේ ධාරණ ශක්තිය, ශරීර කාන්තිය විශේෂයෙන්ම ලිංගික ශක්තිය වැඩිකිරීමේ හැකියාවක් ගිතෙල් වලට පවතී.තවද ගිතෙල් භාවිතා කර  කුශ්ට රෝග,අපස්මාරය,උන්මාදය ,යෝනිගත රෝග ,ඇස් කන් රෝග,යනාදියට ඉතා වටිනා ඖෂධ නිශ්පාදනය කරයි.

වෙඩරු

වෙඩරු යනු සමාන්‍ය භාවිතයේ සදහන් වන බටර්ය.ඉතා පහසුවෙන් දිරවිය හැකි ආහරයකි.එම නිසා බාල, මහලු ,වැඩිහිටි ඕනෑම අයකුට භාවිතා කල හැකිය.සැමටම ඒක සේ පෝෂ්‍යදායකය.බුදුදහම තුල හැදින්වෙන චතුමදුර සෑදිම සදහාද භාවිතා වන ද්‍රව්‍ය අතරින් එකකි.

තුන්දොස් සමනය කල හැකි ඖෂධයක් වන අතර අර්ශස් කාස රෝග සදහාද ඉතා වැදගත් වන ඖෂධයකි .ශරීරය සැහැල්ලු කරන ආහරයකි.තවද වෙඩරු භාවිතා කිරිමෙන් ශක්ති සම්පන්න ශරීරයක් හා සැහැල්ලු මනසක් ලබා ගත හැකි බව ආයුර්වේද ඉගැන්වීමයි.

මෝරු

ලාංකීය ආහර සංස්කෘතිය තුල ප්‍රචලිතභාවයේ යම් අඩුවක් දක්නට ලැබුනත් අසල්වැසි ඉන්දියාවේ ඉතා ප්‍රසිද්ධ පානයකි.කිරි වලට වතුර දමා දිය කර එහි තෙල් ඉවත් කිරීමෙන් මෝරු සදාගනු ලැබේ.එය තරමක් ඌෂ්ණ පානයකි.ශරීරයේ පිත වැඩි කරවන පානයකි.නමුත් අම්ල පිත්ත රොගය සදහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි .

මෙවැනි ඖෂධීය ගුණ රාශියක් පස්ගෝ රස වල ඇතුලත් වේ.පැරැන්නන් විසින් එම පස්ගෝරස භාවිතා කලේය.එමනිසා ඔවුන් ඉතා නිරෝගී දිවිපෙවතක් ගත කලේය.නමුත් වර්තමානයේ මෙවැනි දේ භාවිතා කිරීම  අභාවයට යමින් පවතී.ඊට සාපෙක්ශව ජනතාවගේ ආයු අපේක්ෂාව පහළ යමින් පවතී . එම නිසා සොබාදහම සමග එක්ව කටයුතු කිරිමේ අවශ්‍යතාවය අපට අද වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් අරන් පවතී.ඒ සදහා භාවිතා කල හැකි එක් මාර්ගයක් ලෙස මෙම සොබාදහමේ ආහාර තම ජීවිතයට එක් කර ගැනිම පෙන්වා දිය හැකිය

Leave A Reply

Your email address will not be published.