දෙදෙනාම මව්වරුන්

දෙදෙනාම  මව්වරුන්

බෙදා ගන්නට බැරිව

හුණුවටය උඩ

එක් පුතකුගේ අයිතිය සොයන.

කුස දරන් වැඳූ මව

දෑතින්ම බදාගෙන

දුක් නොදී හැඳු මව

අතහැරියෙ ස්නේහයට.

හුණු වටය මැද හිටපු

පුතු අයිති වැඳු මවට

 නමුත් …

මව් සෙනෙසෙ තිබෙන්නෙ

හැදූ මවගේ නොවෙද?

Comments (0)
Add Comment