මෙරට අධ්‍යාපන ආයතන හා ප්‍රධාන කාර්ය
-
අධ්‍යාපන අමාත්‍යාංශය ( ආයතන – 01 )
- අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදන හා අධ්‍යාපනය හැසිරවීමේ වගකීම් .
- අධ්‍යාපන පරිපාලනය හා විෂයමාලා ක්‍රියාත්මක කිරීම.
- රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ඵලදායිව සැලසුම් කිරීම.
- ජාතික මට්ටමේ සහතික විභාග ,විෂය විභාග හා අභියෝග්‍යතා පරීක්ෂණ සඳහා සුදුසු ඇගයීම් ක්‍රම පවත්වාගෙන යාම.
- පෙළපොත් ,නිල ඇඳුම් හා ජාතික මට්ටමින් සැපයිය යුතු සේවා හා භාණ්ඩ සැපයීම .
- පාසල් සංවර්ධන මණ්ඩල පරිපාලනය .
- අධ්‍යාපන ආයතන නීතිගත කිරීම .
-
ජාතික අධ්‍යාපන ආයතනය ( ආයතන – 01)
- සියලුම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ , විෂය නිර්දේශ සම්පාදනය කිරීම.
- අධ්‍යාපන ප්‍රමිතිය සංවර්ධනය කිරීමෙහිලා කටයුතු කිරීම .
- ගුරු අධ්‍යාපනය හා සම්බන්ධව උපාධි පාඨමාලා,පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වීම .
- සාමාන්‍ය හා ගුරු අධ්‍යාපන විෂය නිර්දේශ සකස් කිරීම හා සංවර්ධනය කිරීම .
-
විශ්ව විද්‍යාල ( ආයතන – 15)
- ප්‍රථම හා පශ්චාත් උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා සැලසීම.
- පර්යේෂණ පැවැත්වීම හා අනාවරණ ඉදිරිපත් කිරිම.
- විශේෂ විෂය ක්ෂේත්‍ර සඳහා උපාධි ලබාදීම.
- විදේශීය විශ්ව විද්‍යාල සමඟ ශිෂ්‍ය හුවමාරුව.
- ගුරුවරු සඳහා පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම වෙනත් වෘත්තීය පශ්චාත් උපාධි පිරිනැමීම.
- විධිමත් අධ්‍යාපනයේ ඉහළම සුදුසුකම් සපුරන ලද ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනයට ඇතුළත් කර ගැනීම.
-
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ( ආයතන – 09)
- පළාතේ පුරප්පාඩු වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබෙන ගුරු පත්වීම් ස්ථානගත කිරීම.
- පළාතේ ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගැනීම,උසස් කිරීම ,විශ්‍රාම ගැන්වීම සඳහා කටයුතු කිරීම හා ඉදිකිරීම් සම්බන්ධ කටයුතු .
-
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව (ආයතන– 09)
- අධ්‍යාපන පරිපාලන , සාමාන්‍ය පරිපාලන , ආයතන , අධ්‍යාපන සේවා , භෞතික සම්පත් පිළිබඳ , ඉගැන්වීම් උපකරණ පිළිබඳ , අධ්‍යාපන සංවර්ධන , පාසල් අධීක්ෂණ හා විභාග පරීක්ෂණ කටයුතු සිදු කිරීම.
- පළාතේ අධ්‍යාපන සම්පත් පාසල් වලට බෙදාදීම.
- අවසන් වාර පරීක්ෂණ කටයුතු වලට මැදිහත් වීම.
-
කලාප අධ්‍යාපන කාර්යාලය (ආයතන – 97)
- කලාපවලට අයත් පාසල් ගුරුවරුන්ගේ ගුණාත්මක බව වැඩි කිරීමට වැඩමුළු හා සැසි පැවැත්වීම .
- ගුරු පුරප්පාඩු ඉහළ අංශවලට දැනුම් දීම.
- ගුරු වැටුප් , වරප්‍රසාද හා වැටුප් වර්ධක සම්බන්ධයෙන් කටයුතු කිරීම.
- පාසල් අධ්‍යාපන කටයුතු හා පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම.
- පාසල් වල ප්‍රතිඵල ඉහළ නැංවීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
-
අධ්‍යාපන විද්‍යාපීඨ ( ආයතන – 19)
- තුන් අවුරුදු පූරන සේවා ගුරු පුහුණුව හා පාඨමාලා අවසානයේ ශික්ෂණලාභීන් ඇගයීම හා පත්වීම් ලබා දීම.
- විෂය සමගාමී , විෂය භාහිර ක්‍රියාකාරකම් සංවිධානය කිරිම.
-
ගුරු මධ්‍යස්ථාන ( ආයතන – 108)
- ගුරු වෘත්තිය සංවර්ධන මොඩියුල , නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් , ශිෂ්‍ය සංවර්ධන වැඩසටහන් , පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම .
- විෂයමාලා ප්‍රතිසංස්කරණ වලදී යෝජනා ඉදිරිපත් කිරීම .
-
කොට්ඨාස කාර්යාල ( ආයතන – 322)
- විදුහල්පති රාජකාරි කටයුතු සම්බන්ධයෙන් හා, අධීක්ෂණ කටයුතු සිදු කිරීම .
- පෙළපොත් හා භෞතික සම්පත් බෙදා හැරීම.