වියපත් අප
වියපත් අප
එකම බඬවැල කඩන් ආවේ,
වසර දෙකකට පසුවයි නඟේ නුඹ.
එදා සිට අදවනතුරා ළඟ,
සිටියේ හැම දේ විදදරා අප.
ගැටිස්සියි අපි ගමේ ලස්සන,
හිටියේ කුමරියො වගෙයි සුන්දර .
ඒත් කරුමෙට දෙන්නටම,
බැරි උනා පෝරුවේ නැඟ බලන්නට.
අම්ම අප්පත් ගියා යන්නට,
දැන් වසර කීයක්ද මතකද?
උඹයි මමයි හිනැහෙන්නෙ තාමත්,
අපිට අපි ඉන්නා නිසාවද?
අතේ වාරුත් පයේ වාරුත් ,
අඩූවුනා රූපයත් එක්කම .
තියෙන හොද්දක් අරන් හදපන්
කාලා ඩිංගක් නිදා ගන්නට.