Online class  කියා ඒකට නමක් වෙතී.

ගමේ ළමයි දුරකතනෙන් ඉගෙන ගතී.
Online class  කියා ඒකට නමක් වෙතී.
Signal නැතැයි කියා ඇතැමුන් ගස් නගිතී.
කුමක් සිදු වේද මා හට නොතේරුනී.
නෙත නිදි නොලැබ දහඩිය මුතු කර නිතින.
මතකෙට නැගෙයි විදිනා දුක මවුපිය දෙදෙන.
හද ගොලු කරන් සිහිපත් වූ ඒ මතක .
කෙලෙසක ඉල්ලන්නද  WhatsApp  ඔවුන්ගෙන
මිතුරන් සමග කෙලිලොල් පාමින් සිනහා
පාසල වෙතට යන විට කඩචෝරු කකා
දඟ වැඩ කරල  දණ ගසමින් ගුටිද  කකා
තිබු ඒ මතක හරි සුවදයි මීට වඩා…..

Comments (0)
Add Comment