Colombuzz
Local Digital Buzz

අවසන් සටන

0 308

අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ

අවසන් වසර  මා හා ගෙව්ව පෙම අවසන් වුනේ

සරසවි  උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ

විඳි පෙම් සුවඳ  මහවැලි  ඉවුර ළඟ මිහිදන් කළේ //

 

නුඹ හා ගෙව්ව මොහොතක  සුවය හන්තානට වැඩි

ගිනිගත් හදට රාගී සුවඳ  දළු දැම්මා නිති

වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි

නුඹ කළ පෙමට මා දුන් දුකම දැන්  මා විඳවමි//

 

මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැදි

සංවර සසර ළඟ  මා නිරය මැව් බව මා දනි

පූජාසනය සේ  මා දුටුව නුඹටම එරෙහි වි

තව මල් පිපෙන  තුරු ළඟ  උන්න කාලය වැරදුනි //

 

ගායනය       :  සනුක වික්‍රමසිංහ

පද රචනය   : මනුරංග විජේසේකර

සංගීතය       :  සනුක වික්‍රමසිංහ

 

ආදරෙන්  පැරදුනු කතා අපි ගොඩක්  අහල තිබ්බට මේ ගීතයේ අර්ථයනම් ටිකක් වෙනස් කියලයි මට හිතෙන්නෙ.තමන්ට  පන වගේ ආදරේ  කරපු කෙල්ලට ද්‍රෝහි වුන  පෙම්වතෙකුගේ හිතේ ඇතිවන සිතිවිලි  දිග හරින මේ වගේ කතා හරි අඩුයිනේ.මේ කතාව සරසවියේ ඇතිවුන ආදර කතාවක්.

ප්‍රේමවන්තයා කියන් විදියට  මේ ඔහුගේ අවසාන  ආදරය.ඔහු ඒ පෙම් සටනින් පැරදිලා.ප්‍රේමය  අවසන් වෙලා.මේ ප්‍රේමවන්තයා  ඇය ආශ්‍රය  කරල  තියෙන්නෙ ආශාවන් නිසා පමනක් ද යන සිතිවිල්ලද ඔහුගේ හිතේ  වැඩිපුර  ඇති කරන රාගී සිතුවිලි  නිසා හිතන්නට  පුළුවන් .හැබැයි  මේ ගීතයේ කියවෙන ගෑනු  ළමයනම් ඔහුට අසීමාන්තිකව ආදරය කරල තියෙනවා .වරහන් නොමැති  ආදර ගීය කියල මෙතන අදහස් කරන්නෙ  ඒ ආදරය තමයි .ඒත් ඉතින් ඇයගේ ආදරයට පිටු පෑව පිරිමි  ළමයා ඒ දුක දැන්  විඳවන විදිය තමයි  මේ ගීතයෙන් කියන්න උත්සාහ  අරන් තියෙන්නෙ .

සාමාන්‍යයෙන්  තරුණියකගේ මල්වර  නැකත  වැරදුනාම ඇය දුරාචාරයේ හැසිරෙනව කියල අදහසක් සමාජයේ තියෙනවා  නේ.ඉතින්  මේ පිරිමි  ළමයා තමන්ට  ආදරේ  කරපු ප්‍රේමවන්තියව අතඇරල ගිහින් තියෙන්නෙ  මල්වර  නැකත වැරදුනු කෙල්ලෙක් ළඟට  කියල හිතන්න පුළුවන් .ඉතින් මේ නිසා පිරිමි  ළමයට කලින් ආදරේ  කරපු ගැහැණු ළමයගෙ සංවර  වූ  සංසාරයම මේ පිරිමි ළමයා අපායක් කරල.

මේ ගීතයේ වචන මාලාවෙන්  හැඟවෙන දෙයම මෙහි රූප රචනය  දෙස බැලීමේදී  ද තේරුම්  ගැනීමට  හැකි වේ.එමඟින්ද මෙම ගීතයට සාධරණයක් කර ඇතැයි මට හැඟේ. එහිදීද පිරිමි හිතේ විලාපය , ප්‍රේමවන්තියගේ දුක සුදුසු  ලෙස රඟදක්වනු ලබයි.

ඉතින් මේ ගීතයේ වචන සරල උනාට  ප්‍රබල ලෙස යොදා ගෙන තියෙනවා .මේක  ඇත්තටම  පිරිමි හිතක විලාපයක් වගේම ගැහැනුන් හඬවන්න පුලුවන්  ගීතයක්.

Leave A Reply

Your email address will not be published.