Colombuzz
Local Digital Buzz

වියපත් අප

0 383

වියපත් අප

එකම බඬවැල කඩන් ආවේ,

වසර දෙකකට පසුවයි නඟේ නුඹ.

එදා සිට අදවනතුරා ළඟ,

සිටියේ හැම දේ විදදරා අප.

ගැටිස්සියි අපි ගමේ ලස්සන,

හිටියේ කුමරියො වගෙයි සුන්දර .

ඒත් කරුමෙට දෙන්නටම,

බැරි උනා පෝරුවේ  නැඟ බලන්නට.

අම්ම අප්පත් ගියා යන්නට,

දැන්  වසර කීයක්ද  මතකද?

උඹයි මමයි හිනැහෙන්නෙ තාමත්,

අපිට අපි ඉන්නා නිසාවද?

අතේ වාරුත් පයේ වාරුත් ,

අඩූවුනා රූපයත් එක්කම .

තියෙන  හොද්දක්  අරන් හදපන්

කාලා ඩිංගක් නිදා ගන්නට.

Leave A Reply

Your email address will not be published.