Colombuzz
Local Digital Buzz

මෙරට නව යොවුන් විය හා බැඳුණු මිත්‍යා මත

0 297

ශ්‍රී ලංකාව කියන්නෙ  විවිධාකාර  වූ ඇදහිලි ,විශ්වාස හා මත දකින්නට  ලැබෙන  රටකි.මෙවැනි  විශ්වාසයන් සමඟ තමන්ගේ  ජීවිතය  පවත්වාගෙන  යන මිනිස්සු  රැසක් දක්කන ලැබේ.මේ වාගේ මිත්‍යා  මත සම්බන්ධයෙන්   අපට ගොඩක්  කරුණු   නව යොවුන්  විය සම්බන්ධයෙන්  දකින්නට ලැබේ.එහිදීත් ගැහැණු දරුවකු මල්වර වීම හෙවත් වැඩිවියට  පත්වීම යන කාරනාවේදී ජ්‍යොතිෂය   පටලවාගත් මිත්‍යා  විශ්වාස  රැසක් අසන්නට  දකින්නට  ලැබේ.

ගැහැණු  දරුවෙකු  වැඩිවියට  පත් වීමෙන් පසුව ඇයව වෙනම ස්ථානයක තැබීමද, මේ කාලය තුලදී  මිරිස් හොඳි, දියකිරි යෙදූ ආහාර ආදිය ලබා දීම,මස් ,මාළු ,බිත්තර  ආදී පිළී ආහාර  ලබා නොදීමද සිදු කළ යුතු බව අතීතයේ  පටන් එන මිත්‍යා  විශ්වාසයකි.සමාජය  විශ්වාස  කරන්නෙ මේවා කිරීමෙන්  දැරියගේ ඔසප් කාල තුළදී ඇයට අපහසුතාවක් නැතිව ,වේදනාවක් නැතිව ඇයට සිටීමට හැකි වන බවයි.තවත්  මතයක් ලෙස මිනිසුන්  විශ්වාස  කරන්නේ දැරිය මල්වර වී සිටිය කාලය තුළ දී නෑම හා ඇඟ හේදීම නොකළ යුත්තක් ලෙසයි .

මල්වර වීම පිළිබඳව  ඵලාපල ඇසීමද තවත්  මිත්‍යා  මතයකි.වැඩිවියට පත් වූ නැකතකට අනුව  පවුලේ  අයට ඇති සුභ අසුභ බව ,විවාහය  පිළිබඳව,දරුවන් පිළිබඳව අනාවැකි  කියයි.තවත්  ආකාරයකට මලවර වූ දැරියක් අපවිත්‍ර  ලෙස සිතීම හා කිළි බවින් යුක්තය යන සංකල්පයද  ඇතැම් අවස්ථාවල දී ජනතාව  අතර පවතින්නකි .

යොවුන්  විය සම්බන්ධයෙන්  පිරිමි දරුවන් කෙරෙහි ඇති මිත්‍යා  මතයක් ලෙස පිරිමි දරුවන්ගේ වෘෂණවලින් ශුක්‍රාණු නිපද වී ඒවා නින්දේ දී පිටවීම ස්වාභාවික  ක්‍රියාවලියකි.මෙසේ මෙය සිඳු වීම ශරීරය  දුර්වල වීමට  හේතුවක්  ලෙස මිනිස්සු ගේ විශ්වාසයක් පවතී.

නව යොවුන්  විය සම්බන්ධයෙන්  සමාජයේ ඇති මිත්‍යා  මත බැහැර කළ යුතුය .ප්‍රධාන වශයෙන් ම දැරියකගේ මල්වර වීම ගැන තියෙන  මතයන් වෙනස් කළ යුතුය .මල්වර වීමේ දී ඇය ඉතාමත්  පිරිසිදුව  ,ශක්තිමත්  ආහාර  ලබා ගෙන සිටිය යුතු කාලට ලබා දිය යුතුය .අනාවැකි ඇසීමෙන්  ඇති විය හැකි මානසික  පීඩාවන් ගැන සිතිය යුතුය .එලෙසම  තමන් අපිරිසිදු  දරුවකු ලෙස හැඟීමට මල්වර දැරියට ඉඩ නොතැබිය  යුතුය .පිරිමි දරුවන්ට ද එසේය .

ඔවුන් හට යෞවනත්වය  සතුටින්  ,සැහැල්ලුවෙන්  ,ආත්ම විශ්වාසයකින්   ඇතුව ගත කිරීමට  ඉඩ ලබාඅ දීම කළ යුතුය .මුලින් කියූ ආකාරයට  අනවශ්‍ය  විශ්වාස ,අනාවැකි  ඇසීම,නැකත්  පසුපස හඹායාම ආදිය  දෙස දෙවරක් සිතා බලන්නේනම් හොඳය.ඔවුන්ගේ  ජීවිතයේ වටිනාකම්  පහදා දී ඉදිරි අනාගතය  සාර්ථක  කර ගන්නට අවශ්‍ය  ශක්තිය  ආ ආත්ම විශ්වාසය  ලබා දීම වටී.

Leave A Reply

Your email address will not be published.