Colombuzz
Local Digital Buzz

“Pfizer” හොදම එන්නතද?

0 263

මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන ප්‍රධාන කාරනාවක් වන කොරෝනා වෛරසය මාරාන්තික රෝගයකි. මිනිස්සුන්ට තම දෛනික ජීවිතය සාමාන්‍ය ආකාරයට ගෙවීමටද නොහැකි මට්ටමට මෙය සියලු දෙනාට තර්ජනයක් වී ඇත.ඉතාම ශීඝ්‍රයෙන් පැතිරී යන මෙය කොහේද කොතනද යැයි කීමටද පවා අපහසු ය. මේ වන විට සොයාගෙන ඇති කොරෝනා ප්‍රභේද එන්න එන්නම දරැනු වනවා මිස දශමයකවත් බලපෑමේ අඩුවක් ද නැති බව ඕනෑ ම කෙනෙකුට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. ලෝකයම බිලි ගැනීමට පටන් ගෙන ඇති මෙයට පිලියම් සෙවීමට ලෝකයා විවිධ ආකාරයේ අත්හදා බැලීම් කරන්නේ රෝගය වැලදුනත් එය මරණය දක්වා ගෙනයාම වැලැක්වීමට ය.මේ නිසාම වෛද්‍යවරුන් බොහෝ කැපකිරීමකින් අනතුරුව එන්නත්කරන ක්‍රමවේදයක් ලොවට හදුන්වා දී ඇත. දැනට පවතින ක්‍රම අතුරෙන් කොරෝනා රෝගය වැලැක්වීම සදහා පවතින ක්‍රම වන්නේ නිසි සෞඛ්‍යය ක්‍රමවේද අනුගමනය කිරීම හා එන්නත්කරනයයි.

කොරෝනා වෛරසය සාමාන්‍යයෙන් රඹුටන් ගෙඩියක හැඩය ගන්නා බව අපට දැකගැනීමට ඇත. මෙහි ප්‍රෝටීන කෙදි විශාල සංඛ්‍යාවක් පවතී. එන්නත් නිපදවා ඇත්තේ මෙම කෙදි ඉලක්ක කර ගනිමිනි.ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් එන්නත් වර්ග තුනක් පිලිබදව කතාබහට ලක් වේ. එනම් Sinopharm , Sputnik-v සහ Pfizer එන්නත්‍ වර්ගයි.

Sinopharm එන්නත සලකන විට එය නිපදවා ඇත්තේ අක්‍රීය කරන ලද කොවිඩ් වෛරසය යොදාගනිමිනි. මෙහිදී එය අක්‍රීය කර ඇති නිසා ශරීරයේදී එය බෙදීමකට ලක් නොවේ. තවද මෙය ලබා දෙන්නේ අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සදහා ය. එමෙන්ම කිරි දෙන මව්වරුන්ගේ දරුවාට

මාස 6ක් පසු වී ඇත්නම් මෙය ලබාගැනීම කිසිදු ගටලුවක් නොමැත.මෙහි සාර්ථකත්වය සලකන විට 70%-80% ක සාර්ථකත්වයක් ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය දැනුම් දී ඇත.ලෝකයේ රටවල් 64ක් මෙය අනුමත කරන බවද දක්වා ඇත.

Sputnik-v එන්නත සලකන විට එය 18 ට වැඩි සියලූම දෙනා සදහා ලබා දේ. මෙය ලබා නොදෙන්නේ ආසාද්මිකතා ඇති පුද්ගලයන් සහ අක්මාවේ රෝග, වකුගඩු රෝග එමෙන්ම වලිප්පුව වැනි රෝග වලින් පීඩා විදින පුද්ගලයන්ට ය. තවද උණ පවතී නම් සුව වන තුරු මෙය ලබා නොදේ. මෙහි සාර්ථකත්වය 92% ක් බව පවසා ඇත. ලෝකයේ රටවල් 71 ක් ම අනුමත කරන එන්නතක් ලෙස මෙය දක්වා ඇත.

Pfizer එන්නත 16ට වැඩි සියලුම දෙනා සදහා ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී ඇත. මෙය ලබාගැනීමට නොහැකි වන්නේ විවිධ ආසාද්මිකතා ඇති පුද්ගලයන් ට හා කොරෝනා රෝග ලක්ශන පවතින පුද්ගලයන් හට පමණි. මෙහි 95% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර ලෝකයේ රටවල් 99 පිලිගන්නා බවටද තොරතුරු ලැබී ඇත.

මෙම එන්න්ත් වර්ග තුනම මාත්‍රා දෙක බැගින් ලබා ගත යුතු අතර පලමු මාත්‍රා ව ලබාගෙන සති 2-3 අතර කාලයකින් දෙවන මාත්‍රා ව ලබා ගත යුතු වේ.ගැබිනි මව්වරුන් හට ද මෙම එන්නත් තුනම බේදයකින් තොරව මේ වන විට ලබාදේ. හොදම එන්නත කුමක්ද යන්න තීරණය ඔබ සතු වන අතර රෝගයෙන් වැලකීමට නම් ඔබ කුමන වර්ගයකින් හෝ එන්නත්කරනයට වහාම භාජනය විය යුතුය.

Leave A Reply

Your email address will not be published.