Colombuzz
Local Digital Buzz

පෞද්ගලිකකරණය වන අධ්යාපනය

0 293

“ඉගනීම අයිති විය යුත්තේ පොහොසත් දරුවන් ට පමණි ද?” මෙය විචාරයට ලක් කළ යුතු කරුණක් බව මේ වන විට අවබෝධ වී හමාරය. මක්නිසාදයත් අපට නොදැනීම අප සතුව තිබූ සුවිශාල අයිතිවාසිකමක් මුදල් හමුවේ ආගාධයට යාමය.මුදල් මතම පදනම් ව ඇති ජීවන රටාවක් ගෙවන ශ්‍රී ලාංකික ජනතාවට පීඩාවකින් තොරව ලගාකරගැනීමට තිබුනේ අධ්‍යාපනය පමණක් වන බව ඔබ අප කාටත් නොරහසකි.දැන් මේ වන විට එයද කණපිට හැරෙමින් පවතී.

විදෙස් රටවල පෞද්ගලික අධ්‍යාපනය යන්න සාමාන්‍ය කාරණාවක් වුවද අප රටට එය විශාල බලපෑමක් කීවාටද වරදක් නොමැති තරම් ය. ඒ ශ්‍රී ලාංකාව එතරම් පොහොසත් රටක් නොවන නිසාය. මෙහි ජීවිත ගෙවන්නෝද එසේමය.ඒ නිසා මෙහි සිටින බොහෝමයක් ශිෂ්‍යයන් නිදහස්

 

අධ්‍යාපනය උපරිමයෙන්  ප්‍රයෝජනයට ගන්නා බැවිනි. ඒ මේ දරුනු ආර්ථික රටාව සමග සටන් කිරීමට සිදු වන නිසා ඔවුන් හට අධ්‍යාපනය මිස වෙන විකල්පයක් නොමැති නිසාය.මෙසේ අධ්‍යාපනය ද මුදලට යටවෙද්දී අසරණ වන්නේ මේ රටේ අනාගත පරපුර ය.පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා පෞද්ගලිකකරණය වීමෙන් ගමේ පාසල හොඳම පාසල සංකල්පය එක හෙලාම බිද වැටෙන්නේ නොදැනීමය.

පාසල් පමණක් නොව අද වන විට විශ්ව විද්‍යාල ද පෞද්ගලික අතට හැරී හමාරය.පෙර පැවති ක්‍රම, එනම් උසසපෙල ඉහලින් සමත් වන අය විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබනවා වෙනුවට උසස්පෙල විභාගයට පෙනී සිටීම පමණක් විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට උපරිම සුදුසුකම වී ඇත.එයත් එසේ වන්නේ මුදල් ඇති පුද්ගලයාට පමණක් වන බව දුකට හේතුවකි. මෙමගින් රටෙහි උගත්

 

බුද්ධිමතුන් බිහි වනවා වෙනුවට සිදු වන දෙය සිතාගත හැකිය.මෙසේ අධ්‍යාපනය කාලයක් ගතවන විට පොහොසත් පුද්ගලයන් ට පමණක් ලෙස වෙන්වීම නවතාලිය නොහැකි වේ. එපමණක් නොව අධ්‍යාපනය හැදෑරීම සදහා අවස්ථාවන් පුළුල් කල යුතු සමයක මෙසේ සිදු වීමද දුකට කරුණකි. මිල මුදල් ඕනෑ ලෙසට වියදම් කල හැකි තැනැත්තා ට කෝටි ගනන් මංපෙත් විවර වන අතර උපරිම ප්‍රතිඵල ලබාගත නොහැකි ශිෂ්‍යයන්ට එතනින්ම අධ්‍යාපනය නතර කර වෙනත් අතක් බලාගැනීමට සිදුව තිබේ. ඒ ඔවුන් හට ඉගනීමට උනන්දුවක් තිබුනද ඒ හට වියදම් කිරීමට ප්‍රමාණයෙන් මුදල් නැති වීම හේතුවෙන් සහ පවුලේ බර තමා අතට ගැනීමට සිදු වීමය. මේ නිසා මොවුන් හට තමා හට හැකියාව ඇති අංශයකින්වත් ඉදිරියට යාමට අවහිරකම් ඇතිවේ.මෙය ශිෂ්‍යයන්ගේ ම වරදක් ද යන්න පිළිතුරු නොමැති ගැටලුවකි.

 

ඉගනීම කාගේත් අයිතියක් වන අතර එසේ නම් ඉගනීමට සියලු දෙනාටම එකසේ අවස්ථාව සලසා දිය යුතුය. ඒ මක්නිසාදයත් අදක්ශයින් ලෙස කොටසක් නොසිටින අතර “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” වන නිසාය.

Leave A Reply

Your email address will not be published.