Colombuzz
Local Digital Buzz

මත්ද්‍රව්‍ය හා තරුණ පරපුර

0 532

ලංකාව තුල මත්ද්‍රව්‍ය භාවිතය

ශ්‍රී ලංකාව තුළ 2019 වර්ෂයේ 89,321 දෙනකු මත්ද්‍රව්‍ය හා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත . එය 2018 වර්ෂය හා සන්සන්දනයෙන් 10% අඩු වීමකී. 46% හෙරොයින් හා 51% ගංජා සම්බන්ධයෙන් වේ.

2018 වර්ෂය තුල දී ශ්‍රි ලංකාව තුළ අත් අඩංගුවට ගත් හෙරොයින් හා ගංජා ප්‍රමාණය ආසන්න වශයෙන් දවසකට හෙරොයින් 100g ට වැඩි හා ගංජා 5kg ට වැඩිය.

ලංකාව තුළ මෙතම්පිටමින් (අයිස්) , හෂීස් , කොකේන් යන මත්ද්‍රව්‍ය භාවිතය ද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන ආකාරය

අවු. 15ත් 16ත් අතර වයස් කාණ්ඩ වල කාන්තා පිරිමි භේදයකින් තොරව බහුල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී සීටී.  මෙම වයස් සීමාව මත්ද්‍රව්‍ය භාවිතය පටන් ගැන්ම ලෙස දැක්විය හැකිය .

 

 හෙරොයින්ගංජාහෂීස්
අවු . 14ට අඩු0.04%0.04%0.0%
අවු 15 – 19 ත් අතර 3.7%12.1%0.0%
අවු 20 – 24 ත් අතර 20.9%26.6%2.6%
අවු 24 – 29 ත් අතර 22.5%19.0%10.7%
අවු – 30 ට වැඩි 52.9%42.3%86.7%

 

අවු. 15ත් 16ත් අතර පාසල් ළමුන් ප්‍රථමයෙන් මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් ආරම්භ වී පසුව හෙරොයින් හා ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වේ. මත්පැන් හා දුම්වැටි යනු මත්ද්‍රව්‍ය වල තවත් එක් කොටසකි.

  • නරක මිතුරන් ඇසුරු කිරීම
  • දුර්වල අධ්‍යාපනය
  • ප්‍රශ්න හා ගැටලුකාරී තත්වයන්
  • ගණිකා වෘත්තිය
  • මත්ද්‍රව්‍ය අලෙවිය
  • කුතුහලය
  • අශාව හා සතුට

යන කරුණු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමට හේතු කිහිපයකි. පාසල් ළමුන් ඇබ්බැහි වීමට ප්‍රධානම හේතුවක් ලෙස ඔවුන් තුළ ඇති කුතුහලය හා අශාව දැක්විය හැකිය. මත්ද්‍රව්‍ය භාවිතය තුලින් නොයෙකුත්  අපරාධ වලට ද යොමු වේ.

අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සපයන ලද පුනරුත්ථාපන හා ප්‍රතිකාරක සේවාවන්

මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවන්ට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විසින් පුනරුත්ථාපන හා ප්‍රතිකාරක සේවාවන් ලබා ගැනීමට පුලුවන .

අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය යනු ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් පිහිටවන ලද රාජ්‍ය ආයතනයකී. මෙහි ප්‍රධාන කාර්‍යය ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාරක කිරීම හා ඔවුන් පුනරුත්ථාපන කිරීමයි.

මෙහිදී,

  • නේවාසික ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් සැපයීම
  • ප්‍රජා ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් සැපයීම
  • සායන වෙත යොමු කරමින් අවශ්‍යතාවය මත ඖෂධ සපයමින් උපදේශන සේවාවන් සැපයීම
  • නිවසේ සිටම මත්ද්‍රව්‍යයෙන් නිදහස් වීමට අවශ්‍ය සේවාවන් හා උපදේශන සේවාවන් සැපයීම

වැනි සේවාවන් හා තවත් සේවාවන් මෙම අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ලබා ගත හැකිය .

ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන

  • තලංගම (කොළඹ )
  • ඌරාපොල (නිට්ටඹුව)
  • ගාල්ල
  • නුවර
Leave A Reply

Your email address will not be published.