Colombuzz
Local Digital Buzz

මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සියල්ලන්ටම එක සේද

0 311

“කොවිඩ් -19 වසංගතය” නම ඇසෙද්දීත් ජනයා බිය ගන්වන්නේ ශ්‍රී  ලාංකිකයන් අතුලු ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී ජනයාට එය එතරම්ම ව්‍යසනයක් වී හමාර වී ඇති බැවිනි.නොසිතූ විරූ අන්දමින් ලොව වටා ශීග්‍රයෙන් පැතිර යන මෙම වසංගතය එවකට විසාලා මහනුවර ඇති වූ ව්‍යසනයට දෙවන නොවන බව එම සිද්ධීන් අසා ඇති අපට තර්කයකින් තොරව පැහැදිලිය. මන්දයත් මෙය හානි කරන්නේ එක අංශයකට දෙකකට පමණක් නොව සියලූම දෙනා හා සියලූම අංශ අවරනය වන පරිදිය. ශ්‍රී ලංකාවට මෙය දරා ගැනීමට අපහසු වන්නේ එය දියුනු වෙමින් පවතින රටක් වන නිසාය. ශ්‍රී ලංකා වාසී සියලුම ජනයා පුරුදු වී අත්තේ තම දෛනික වැඩ රාජකාරි භෞතිකව සම්බන්ධ වෙමින් සිදුකරගැනීමටයි. ඔවුන් එසේ එයට ඇබ්බැහි වී ඇත්තේ නව තාක්ශනය ඔස්සේ කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකාවට අලුත්ම දෙයක් නිසා විය හැක. නමුත් මෙ වන විට, එයට පුරුදු වීම හැර වෙනත් විකල්පයක් නොමති බව වටහෙනුයේ අවුරුදු දෙකක් තිස්සේ වරින් වර මුහුනදීමට සිදුවූ කොරෝනා රැළි කිහිපයක් හේතුකොටගෙනය. අනෙත් ක්ශේස්ත්‍ර කෙසේ හෝ මෙ ක්‍රමයට අඩිතාලම් තබද්දී විශාලතම ගැටලුවට මුහුනපා ඇත්තේ අධ්‍යාපන ක්ශේස්ත්‍රය යැයි කීවාට වරදක් නැත.

වත්මන් තත්වය හමුවේ එය වඩාත්ම උචිත ක්‍රමයක් වූවාට එය සියලුදෙනාටම එකසේද යන්න ගැටලුවක් ඇත.මක්නිසාදයත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය නිසා බොහෝ අසරණ වන දරුවන් මේ රටෙහි ඕනෑතරම් ය.ඔවුන්හට ඒ සදහා අවශ්‍යය මූලික පහසුකම්වත් නොමති වීමයි.තවද පහසුකම් කෙතෙක් තිබුනද තාක්ෂණික මෙවලම් හැසිරවීමට ඇති නොහකියාව නිසාද එසේ අසරණ විය හැකිය. මේ සියලූම කාරනා දරුවන්ගේම වැරදි ලෙස කිව නොහැකිය.මෙසේ බොහෝසෙයින් අන්ත අසරණතාවට පත් වන්නේ දුශ්කර පලාත් වල ජනයා බවද් නොරහසකි.මීට අමතරව සලකන විට මෙම අධ්‍යාපන ක්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරීමට පුරුද්දක් නොමැතිකමද හේතුවකි.පන්ති කාමර වල එකට එකතු වී එකිනෙකා සමඟ ගනුදෙනු කරමින් මෙතෙක් කාලයක් කටයුතු කල ශිෂ්‍යයන් හට තම නිවසට වී තනි තනිව ඉගනීමද බොහෝ සෙයින් අපහසු කාරනාවකි.තවද මෙම ජංගම දුරකථන හා අන්තර්ජාලය පරිහරණය හරිහැටි නොදැනීම නිසා අධ්‍යාපනය පසෙකලා සිදුවෙන සිදුවීම් ඕනෑතරම් අසන්නට තිබේ.

එහෙත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය යටතේ උපරිම ඵල නෙලා ගන්නා කොටසක් ද නැතුවාම නොවේ. එසේ නැති වූවානම් පසුගිය දිනවල පැවති ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙල විභාගය සහ උසසපෙල විභාග වලින් උපරිම ලකුණු ලබාගන්නට සමත්වූවන් බිහිවන්නේ ද නැත.එය එක එක පුද්ගලයාට දැනෙන්නේ එක එක ආකරයෙනි. මේ තත්වය යටතේ නැවත පෙර තත්වයට යාම ඊට වඩා අවදානම් ය. නමුත් අධ්‍යාපන ක්ශේස්ත්‍රය අනෙත් සියලු ක්ශේස්ත්‍ර යන් වලට වඩා දියුණු  විය යුතු නොවේ ද?

Leave A Reply

Your email address will not be published.