Colombuzz
Local Digital Buzz

මෙරට අධ්‍යාපන ආයතන  හා ප්‍රධාන කාර්‍ය

0 342
  1. අධ්‍යාපන අමාත්‍යාංශය ( ආයතන 01 )

  • අධ්‍යාපන  ප්‍රතිපත්ති  සම්පාදන හා අධ්‍යාපනය  හැසිරවීමේ වගකීම් .
  • අධ්‍යාපන පරිපාලනය හා විෂයමාලා ක්‍රියාත්මක  කිරීම.
  • රටට ගැළපෙන  අධ්‍යාපන  ක්‍රමයක් ඵලදායිව සැලසුම් කිරීම.
  • ජාතික මට්ටමේ සහතික විභාග ,විෂය විභාග හා අභියෝග්‍යතා පරීක්ෂණ  සඳහා  සුදුසු  ඇගයීම් ක්‍රම  පවත්වාගෙන  යාම.
  • පෙළපොත් ,නිල ඇඳුම් හා ජාතික මට්ටමින් සැපයිය යුතු සේවා හා භාණ්ඩ  සැපයීම .
  • පාසල් සංවර්ධන මණ්ඩල පරිපාලනය .
  • අධ්‍යාපන ආයතන  නීතිගත කිරීම .
  1. ජාතික අධ්‍යාපන  ආයතනය ( ආයතන – 01) 

  • සියලුම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ , විෂය  නිර්දේශ  සම්පාදනය  කිරීම.
  • අධ්‍යාපන ප්‍රමිතිය  සංවර්ධනය  කිරීමෙහිලා කටයුතු  කිරීම .
  • ගුරු අධ්‍යාපනය  හා සම්බන්ධව උපාධි  පාඨමාලා,පශ්චාත්  උපාධි පාඨමාලා  පැවැත්වීම .
  • සාමාන්‍ය හා ගුරු  අධ්‍යාපන  විෂය  නිර්දේශ  සකස් කිරීම  හා සංවර්ධනය  කිරීම .
  1. විශ්ව විද්‍යාල ( ආයතන 15)

  • ප්‍රථම හා පශ්චාත් උපාධි  පාඨමාලා  ක්‍රියාත්මක  කිරීමෙන් උසස් අධ්‍යාපන  අවස්ථා  සැලසීම.
  • පර්යේෂණ පැවැත්වීම හා අනාවරණ ඉදිරිපත්  කිරිම.
  • විශේෂ විෂය  ක්ෂේත්‍ර  සඳහා  උපාධි  ලබාදීම.
  • විදේශීය විශ්ව විද්‍යාල සමඟ ශිෂ්‍ය  හුවමාරුව.
  • ගුරුවරු සඳහා පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා  මෙන්ම වෙනත් වෘත්තීය පශ්චාත්  උපාධි  පිරිනැමීම.
  • විධිමත් අධ්‍යාපනයේ ඉහළම සුදුසුකම්  සපුරන ලද ශිෂ්‍යයන්  උසස්  අධ්‍යාපනයට ඇතුළත්  කර ගැනීම.
  1. පළාත් අධ්‍යාපන  අමාත්‍යාංශය ( ආයතන  09)

  • පළාතේ පුරප්පාඩු  වලට අධ්‍යාපන  අමාත්‍යාංශයෙන්  ලැබෙන ගුරු පත්වීම් ස්ථානගත කිරීම.
  • පළාතේ ගුරු පුරප්පාඩු  සඳහා  ගුරුවරුන්  බඳවා ගැනීම,උසස්  කිරීම ,විශ්‍රාම  ගැන්වීම සඳහා  කටයුතු  කිරීම හා ඉදිකිරීම් සම්බන්ධ කටයුතු .
  1. පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුව (ආයතන 09)

  • අධ්‍යාපන පරිපාලන , සාමාන්‍ය  පරිපාලන , ආයතන , අධ්‍යාපන  සේවා , භෞතික  සම්පත් පිළිබඳ , ඉගැන්වීම් උපකරණ  පිළිබඳ , අධ්‍යාපන  සංවර්ධන  , පාසල් අධීක්ෂණ   හා විභාග  පරීක්ෂණ  කටයුතු  සිදු කිරීම.
  • පළාතේ අධ්‍යාපන සම්පත්  පාසල් වලට බෙදාදීම.
  • අවසන් වාර පරීක්ෂණ කටයුතු  වලට මැදිහත්  වීම.
  1. කලාප අධ්‍යාපන කාර්යාලය (ආයතන 97)

  • කලාපවලට  අයත් පාසල් ගුරුවරුන්ගේ ගුණාත්මක බව වැඩි කිරීමට වැඩමුළු  හා සැසි පැවැත්වීම .
  • ගුරු පුරප්පාඩු ඉහළ අංශවලට දැනුම් දීම.
  • ගුරු වැටුප් , වරප්‍රසාද හා වැටුප් වර්ධක සම්බන්ධයෙන්  කටයුතු  කිරීම.
  • පාසල් අධ්‍යාපන කටයුතු  හා පරිපාලන කටයුතු අධීක්ෂණය  කිරීම.
  • පාසල් වල ප්‍රතිඵල ඉහළ නැංවීමට  අවශ්‍ය  වැඩසටහන්  ක්‍රියාත්මක  කිරීම.
  1. අධ්‍යාපන විද්‍යාපීඨ ( ආයතන   19)

  • තුන් අවුරුදු පූරන සේවා ගුරු පුහුණුව හා පාඨමාලා  අවසානයේ  ශික්ෂණලාභීන්  ඇගයීම හා පත්වීම් ලබා දීම.
  • විෂය සමගාමී , විෂය  භාහිර ක්‍රියාකාරකම්  සංවිධානය  කිරිම.
  1. ගුරු මධ්‍යස්ථාන ( ආයතන – 108)

  • ගුරු වෘත්තිය සංවර්ධන මොඩියුල , නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ පිළිබඳ  දැනුවත්  කිරීමේ වැඩසටහන් , ශිෂ්‍ය  සංවර්ධන වැඩසටහන් , පාසල්  ප්‍රජාව දැනුවත්  කිරීමේ වැඩසටහන්  ක්‍රියාත්මක  කිරිම .
  • විෂයමාලා ප්‍රතිසංස්කරණ  වලදී යෝජනා  ඉදිරිපත්  කිරීම .
  1. කොට්ඨාස කාර්යාල ( ආයතන 322)

  • විදුහල්පති රාජකාරි  කටයුතු  සම්බන්ධයෙන්  හා, අධීක්ෂණ කටයුතු  සිදු කිරීම .
  • පෙළපොත් හා භෞතික  සම්පත්  බෙදා හැරීම.
Leave A Reply

Your email address will not be published.