Colombuzz
Local Digital Buzz

ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලම සමුද්‍රීය ව්‍යසනය MV එක්ස්-ප්‍රේස් පර්ල් නව්කාව ගිනි ගැනීම

0 287

2021 මැයි 20 වන දින සිදු වූ  එක්ස්-ප්‍රේස් පර්ල් නව්කාව කොළඹ වෙරළ තීරයේදී ගිනි ගන්නා ලදී. ශ්‍රී ලංකා ගිනි නිවන භටයින් විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ අතර, ජුනි 02 වන දින ගැඹුරු මුහුදට ඇදගෙන යමින් තිබූ මෙම නව්කාව ගීලී ගියේය . ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලම සමුද්‍රීය ව්‍යසනය ලෙස මෙය දැක්විය හැකිය .

මෙමගින් සිදු වූ පාරසරික හානිය තක්සේරු කිරීමට නාරා (NARA) ආයතනය පියවර ගෙන ඇත. නෞකාව බහාලුම් 1486 ක් සමඟ නයිට්‍රික් ඇසිඩ්, එතනෝල්, තවත් රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් වැනි දෑ සමඟ ගිනිබත් වී ඇත.

සිද්ධිය සිදු වූ ස්ථානය හා බටහිර වෙරළ තීරයේ සැලකිය යුතු පාරසරික හානියක් සිදුව තිබේ. ගල්කිස්ස සිට වෙන්නප්පුව හා මීගමුව කලපුව ඇතුළු වෙරළ තීරය පරීක්ෂණ සිදු කරන ලදී.

අනාගතයේ සිදුවිය හැකි හානී හඳුනා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහා නාරා ආයතනය එක්ව නෞකාව වටා සාම්පල ද නාරා අයතනය විසින් වෙරළ තීරයේ ජල සාම්පල, පස් සාම්පල හා ප්ලාස්ටික් හා අනෙකුත් ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සදහා යොදාගෙන ඇති බව ආචාර්ය දීප්ත අමරතුංග මහාතා (නාරා ආයතනය ජේෂ්ඨ විද්‍යාඥ) එක්තරා රූපවාහිනී වැඩසටහනක දී පවසා සිටියේය.

මෙම නෞකාව තුළ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් පමණ අඩංගු බව එම්. එම්. පද්මලාල් මහතා (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය) එම වැඩසටහන තුළ පවසා සිටියේය. තවදුරටත් කියා සිටියේ මෙම නයිට්‍රික් අම්ලය නිසා කෙටි කාලීන හා දීර්ඝ කාලීන බලපෑම් ඇතිවිය හැකි බවයි. මෙම නයිට්‍රික් අම්ලය ජලජ පරිසරයේ ප්ලවාංග ඉතා සංවේදී නිසා ඒවාට බලපෑමක් ඇති විය හැකි අතර ජලජ ජීවීන්ට ද කෙටි කාලීන බලපෑමක් ඇතිවන බවත් මුහුදු සැලකුවහොත් ඉතාමත් ලොකු ජල ධාරිතාවක් තිබෙන නිසා නයිට්‍රික් අම්ලය මුහුද සමඟ මුසු වීමත් සමඟ තණුක තාවයට පත් වීමක් වේ. මෙම තණුක තාවය නිසා දීර්ඝ කාලීන බලපෑම අඩු බවක් මෙහිදී පවසන ලදී.

සෝඩියම් හයිඩ්‍රොක්සයිට්, කෝස්ටික් සෝඩා වැනි තවත් රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා (Bio concentration) ජීවීන් තුලින් සාන්ද්‍ර ගත වී මිනිසාට බලපෑම් එල්ල විය හැකි බව ද ඒ සඳහා ඉදිරියේදී අධ්‍යන කරන බව දීප්ත අමරතුංග මහතා සඳහන් කරන ලදී.

ගිනිගත් නැවේ සුන්බුන් වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන අයුරු දක්නට ලැබේ.

තවද විෂ රසායනික ද්‍රව්‍ය නිසා ක්ෂ්ද්‍ර ජීවී ගහනයද විනාශ විය හැකි බවත්, ජලජ ජීවීන්ගේ ආහාර හරහාත් ඔවුන් ශ්වසණය කරන කරමල් හරහා මෙම රසායනික ද්‍රව්‍ය ඇතුළු විය හැකි බව ද මෙම නිසා එම ජීවීන්ගේ ජීවන චක්‍ර වලට ලොකු බලපෑමක් ඇතිවිය හැකි බව පවසයි.

මෙම නෞකාව නිසා වායූ දූෂණය, ජල දූෂණය, වෙරළ තීරය දූෂණය , හා ජලජ පැළෑටි හ ජලජ ජීවීන් හට විශාල පරසරික බලපෑමක් එල්ල වී තිබේ.

මෙම සිදු වීමෙන් අනතුරුව වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම මගින් ප්ලාස්ටික් කැට ටොන් 1000 කට අධික ප්‍රමාණයක් දැනට ඉවත් කර ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.