Colombuzz
Local Digital Buzz

ආදර්ශමත්  යශෝදරා

0 285

සමාජය  තුළ කාන්තාවන් ට හිමි වී ඇත්තේ සුවිශේෂී  ස්ථානයකි.මෙම සුවිශේෂී  චරිතයට ආදර්ශ ලබා දිය හැකි කාන්තාවක් ලෙස මාගේ මතකයට පලමුවෙන්ම නැඟෙන්නෙ යශෝදරාවයි.මැයගේ උතුම්  ගුණාංග  කාන්තාවකට විවාහ  ජීවිතය  සාර්ථකව  පවත්වාගෙන  යන්නට ආධාර  කර ගැනීමට  පුළුවන්  වේ.යශෝදරාව  සිය සැමියා වෙනුවෙන්  කැපවූ පතිනියකි.

වර්තමාන  ලොව දිහා බලන කොට අපට නිරන්තරයෙන්ම  අහන්න ලැබෙන වචනයකි ” දික්කසාදය ” .මෙයට මූලික වශයෙන්  බලපානු ලබන්නේ  බිරිඳ  හෝ සැමියා පවත්වාගෙන  යනු ලබන අනියම් සම්බන්ධකම්‍ ය.තමන්ගේ අයිතීන් පිළිබඳව  කතා කරන බොහෝ කාන්තාවන්  තමාගෙන් විය යුතු යුතුකම් ඉටු කරන්නේද නැත.නමුත් යශෝදරාව  තමන්ගේ  යුතුකම්  හා වගකීම් ඉතාමත්  ආශාවෙන්  ඉටු කර ඇත.සිදුහත්  කුමාරයා  ඇයව හැරඳා යාමෙන් පසුව උවත් යශෝදරා  බනින්නට වෛර කරන්නට ගියේ නැත.ඒ වෙනුවට  ඇය කරේ ඔහුගේ සතුට ප්‍රාර්ථනා  කිරීමයි.මේ ගුණාංගය  දැන් සමාජයේ සිටින කාන්තාවන්ට  විශාල  ආදර්ශයකි.

නමුත් දැන් සමාජය තුළ ගහගැනීම්, මරා ගැනීම්, සියදිවි හානී කර ගැනීම්, මිනීමැරුම් ආදිය විශාල වශයෙන් දකින්නට ලැබෙන්නේ තමන් ආදරය කළ කෙනෙක් ගිය පසු ඇති වන දුක අවබෝධ කර ගැනීමට හා දරා ගැනීමට බැරි නිසාය. නමුත් යශෝදරාව වෙන්වීම තුළ වුවත් ආශිර්වාද කීරීමට දෙපාරක් සිතුවේ නැත. තමන්ගේ ස්වාමියා දුක් විඳීනවා යැයි අසා ඇයත් මාළීගාවේ දුක් වින්දාය. බිම නිදා ගත්තාය. කොන්ඩය කපා දැමුවාය. මේවාගේ පරිත්‍යාග කරන්න පුළුවන් කන්තාවන් බිහි වන්නේ ඉතාමත් සුළු වශයෙනි.

දැන්  දකින්නට  ලැබෙන පව්ල් සම්බන්ධතාවල මුදල් ප්‍රධානම තැනක් ගනී.ඒ නිසා ආදරයට හා සෙනෙහසට ඇති ඉඩ ඉබේම  නැති  වීගෙන යම ආකාරය  දකින්නට  පුළුවන් .  මේ හේතුව  නිසා  බොහෝ කාන්තාවන් තම ස්වාමියා  අතහැර  යනවා.ඒත් යශෝදරාව  ඇයට කොතරම් මුදල් තිබ්බත් ඒවායේ අගයක් දැනුනේ  නැත .

යශෝදරාව  හොඳ  බිරිඳක්  වගේම හොඳ මවක්ද විය.පවුල තුළ  දරුවා සමඟ තනිවන්නට උනත් ඇය කිසිඳු අඩුවක් දරුවාට කලේ නැත.ආදරෙන්  බලා ගත්තාය .පියා පිළිබඳ  වැරදි  යමක් දරුවාට  කියන්නට ගියේ නැත.කාන්තාවකට  බිරිඳක්  මවක් ලෙස පවුල තුළ  කරන්නට තිබෙන වැඩ බොහෝය .

යශෝදරාවගේ  දරා ගැනීමේ හා ඉවසීමේ ශක්තිය  පිළිබඳව ද කිව යුතුය.ඇයට දරුවත් අහිමි විය.නමුත්  ඇය ඉවසීමෙන්  කටයුතු කරාය.මෙම දරාගැනීමේ ශක්තිය  අනිවාර්යයෙන්  කාන්තාවකට  තිබිය යුතු යැයි කිව යුතුය.පොඩි  පොඩි  දේවල්  වලින් පවා සිත කඩා වැටීමට ඉඩ නොතැබිය යුතුය .තමන් තනිවේවි යන සිතුවිල්ල හා බය නැති  කර ගත යුතුය.තනිවම හෝ දරුවන්  බලා ගනිමින් ජීවත් වීමට  ඇති හැකියාව  සෑම කාන්තාවක් ම ඇති කර ගත  යුතුය. එවැනි දිරිය කාන්තාවන්  අද නැතුවාම නොවේ.

කාන්තාවක් බිරිඳක්  ,මවක් ලෙසින් තමන්ට  ඇති යුතුකම් හා වගකීම්  නිසියාකාරව  අවබෝධයෙන්  හා ඉවසීමෙන්  යුතුව  සිදු කිරීම ඉතාමත්  යහපත්  කටයුත්ත.නමුත් දැන්  සිටින කාන්තාවකට  තවත්  යශෝදරා  කෙනෙකු වීම වත්මන්  සමාජය  තුළ  අසීරු  කටයුත්තකි .සැමියාගේ  ආදරය,රැකවරණය ,අවබෝධය ,සාර්ථක  පව්ල් ජීවිතයක් ගත කිරිමට  උපකාරී  වේ.

Leave A Reply

Your email address will not be published.