Colombuzz
Local Digital Buzz

මානසික ආතතිය ඇති වීමට බලපාන හේතු.

0 894

මානසික  ආතතිය  කියන්නෙ  මොකක්ද  කියල සරලවම හැඳින්වීමක් කරන්නේ නම්,එය අපට දරාගත නොහැකි  අවස්ථාවලට  විසදුමක්  ලෙස අපගේ සිත හා ශරීරය  විසින් ඇති කරන අයහපත්  ප්‍රතික්‍රියාවක් ,හැඟීමක් ලෙස කියන්න පුළුවන් .මෙම හැඟීම විවිධ  අවස්ථාවල  දී පුද්ගලයන්ට විවිධාකාරයෙන්  තමයි  ඇති වීම සිඳු වන්නෙ.ඒ කියන්නේ මානසික  ආතතිය  එක් එක් පුද්ගලයා මත බලපාන ආකාරය  වෙනස් වන බවයි.මානසික ආතතිය  මූලික  වශයෙන්  කොටස් දෙකකට බෙදා කතා කළ හැකිය .එනම් ක්ෂණික ප්‍රබල ආතතිය  හා නිදන්ගත ආතතිය  ලෙසයි.

මානසික  ආතතිය  කාට හෝ ඇත්නම් අපට පළමුවෙන්ම  සිහියට එන්නෙ ” එයාට  අනිවාර්යයෙන්ම  මොකක් හරි දරාගන්න බැරි  දෙයක් වෙන්න ඇති  ”  ලෙසය.නමුත්  ඇත්තටම  මානසික  ආතතියක් ඇති වීමට හැමවෙලේම  බාහිර කාරණාවක්  බලපාන්නේ නැත.අපේ මනස හා ශරීරය  දැඩි ලෙස වෙහෙසට පත් කරන ඕනෑම  දෙයකින් මානසික  ආතතිය  ඇති වීමට පුළුවන් .අපි අපේ ජීවිතය  පිළිබඳව  පසුතැවිල්ලෙන් , කනස්සල්ලෙන් ,දුකින් , වෛරයෙන් සිටින්නේ නම් ප්‍රශ්න  පිළිබඳව  ඕනාවටත් වඩා සිතනවානම් අපගේ ඇතුළාන්තයෙන්ම ආතතිය  ඇති  කරයි.මේ හේතු නිසා මෙට අපගේ දරාගැනීමේ ශක්තිය  අනුව තීරණය කළ හැකිය .

පොදුවේ  ගත්තහම මානසික  ආතතිය  පුද්ගලයෙකුට ඇතිවීම සඳහා  බාහිර  හා අභ්‍යන්තරය වශයෙන්  පහත සඳහන් හේතු බලපානු  ලබයි.

  • පවුල් ජීවිතයේ ගැටලු
  • රැකියාවේ වෙනස්කම්
  • පාසල් ජීවිතය
  • ආදර සම්බන්ධ
  • දුප්පත් බව
  • සමීප පුද්ගල මරණ
  • ජීවිතයේ ඇති වන වෙනස්කම්
  • ලිංගික අපයෝජන
  • අසමත් වීම්
  • සෑම දෙයක් කෙරෙහිම අසුභවාදී ලෙස සිතීම
  • ඉවසීම නොමැතිකම
  • තමන් කෙරෙහි ඇති අඩු තක්සේරුව
  • අන් අදහස් පිළිනොගැනීම

මෙවැනි හේතූන් නිසා ඇතිවිය හැකි මානසික  ආතතිය  තත්ත්වයන් වල අහිතකර  ප්‍රතිඵල  ලෙස ,ජීවිතයේ කටයුතු  අඩාළ වීම ,ඉක්මන් තීරණ ගැනීම ,හැකියාවන්  මොට වීම ,අන් අයගෙන් පළිගැනීම ,සියදිවි  නසා ගැනීමට  තැත් කිරීම හා සියදිවි  නසා ගැනීම ආදී වූ ඉතාමත්  නරක දේවල්  සිදුවිය හැකිය .

මේ නිසා ආතතිය  අවම කර ගැනීම සඳහා ,

  • ව්‍යායාම කිරීම
  • නිසි ආහාර ලබා  ගැනීම
  • හොඳ නින්දක් ලබා ගැනීම
  • සිහියෙන් යුතුව භාවනා කිරීම
  • තමන් පිළිබඳව යහපත් ආකල්ප ඇති කර ගැනීම
  • තමන්ට ළඟා විය හැකි ඉලක්ක ජීවිතය තුළ  ඇතිකර ගැනීම
  • කාලසටහනකට අනුව වැඩ කිරීම
  • ශ්වසන ව්‍යායාම
  • මත්පැන් භාවිතය  අඩු කිරීම
  • සමීපතමයන් සමඟ කතා කිරීම

ආදිය කළ හැකිය .මෙම උපක්‍රම හරි නොගියහොත් වෛරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසු  වේ.අප සෑම දෙනාටම නිරන්තරයෙන් විවිධ  වූ අවස්ථාවල දී ආතතිය  අත් විඳීමට  අවස්ථාවන් ඇති විය හැකිය .මානසික  ආතතිය  වැඩි වීම අපේ  සෞඛ්‍යයට  හා යහපැවැත්මට විශාල  බලපෑමක් සිදු කරන නිසා එයින් ඉවත් වී කරයුතු කිරීමට යොමු විය යුතුය  .

Leave A Reply

Your email address will not be published.